30.6 C
Colombo
June 2, 2026
Local NewsNews

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

 අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකු ගේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද (25) සදහන් කර සිටිනවා.

මෙම උත්සව ශාලාවේ ඊයේ දින අමුත්තන් 150 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් විවාහ මංගල්‍යක් පැවති බවත් එම උත්සවය පවත්වන අතර තුර සේවක පිරිස් එම උත්සව ශාලාවේ උඩු මහළට රැගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.

මෙම උත්සව ශාලාව පරිශ්‍රයේම සිදු කෙරෙන නව ඉදිකිරීම් ගොඩනැගිල්ලක කම්කරුවන් පිරිසක් ද එම අවස්ථාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණද එම කම්කරුවන් කිසිවෙකුත් කොවිඩ් 19 ආසාදනය වී නොමැත.

ආසාදිත පුද්ගලයන් අතර උත්සව ශාලාවේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු සේවකයින් 12 දෙනෙකු රැපිඩ් පරීක්ෂාවෙන් හදුනාගැනීමට හැකි වූ අතර සෙසු සේවකයින් නිරෝධායනයට යොමු කර ඇත.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මේ පිළිබදව අද (25) අදහස් දක්වමින් සදහන් කළේ මෙම උතසව ශාලාවේ විවාහ මංගල්‍යට පැමිණි පිරිස මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බැවින් ඒ පිළිබදව එම කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ආසාදිත සේවක පිරිස හමුවූ අලුත්ගම ප්‍රදේශයේ උත්සව ශාලාව සෞඛ්‍ය උපදෙස් මත වසා දැමීමට කටයුතු කරන්නැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ බවයි.

කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා ඇතුළු පිරිසක් මෙම සේවක පිරිස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමුකර තිබෙන අතර අද (25) දින ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතයි.

Related posts

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Shiran Viraj

පාතහේවහැට මාරස්සන වසා දැමේ..

Shiran Viraj

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

Shiran Viraj