26.1 C
Colombo
May 26, 2026
Local NewsNews

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

ඉන්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්ත කරයි.

දැනටමත් එම බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී ඇති අතර ඉතුරු ඩොලර් මිලියන 750න් මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට ඒ අනුව කටයුතු කරනු ඇත.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන සහ වෙනත් වෙළෙඳ ද්‍රව්‍යවල විශාල හිගයක් පවතිද්දී යකඩ සහ වානේ ගෙන්වීම ගැන ආර්ථික විශේෂඥයෝ ප්‍රශ්න කරන බවත් මෙම ණය මුදලින් යකඩ හා වානේ ගෙන්වීම පිටුපස රජයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයන් සිටින බවත් වාර්තාව කියයි.

මෙම යකඩ හා වානේ ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිණිස දැනටමත් ඉන්දීය බැංකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

Related posts

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

Shiran Viraj

‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයි

Shiran Viraj

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Shiran Viraj