26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර 8 ට කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රියෙන් පසුව ලබන ඉරිදා මධ්‍යම රාති‍්‍ර වනතෙක් කිසිදු දුම්රියක් එම මාර්ගයේ ධාවනය වන්නේ නැහැ.
ලබන සදුදා දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දැමෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

Shiran Viraj