September 15, 2025
NewsPolitical

මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදෙන බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම පොලිසියට කිසිදු බලපෑමක් සිදු නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

එසේම ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ද මෙවන් කටයුතු පිළිබඳව පොලිසියට බලපෑම් කරන්නේ නම් ඒ පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Shiran Viraj

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj