28.4 C
Colombo
May 25, 2026
Local NewsNews

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.

එම වියදම් අනුපිළිවෙල අනුගමනය කිරීම මත කලින් තිබූ ඉන්ධන ගෑස් පෝලිම අවසන් කිරීමට රජයට හැකි වූ බව හෙතෙම පැවසීය.

යම් හෙයකින් රජය මෙසේ සැලසුම්කර ඇති ප‍්‍රමුඛතා වියදම් අනුපිලිවෙල වෙනස් කළහොත් ගැටළු රාශියක් උද්ගත වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම මාසය සදහා රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, පාසැල් පෙළ පොත් මුද්‍රණය, වී මිලදී ගැනීම ආදී ගෙවීම් රාශියක් සිදු කළ යුතු බවද පැවසූ ඔහු මෙම අවශ්‍යතා වෙනස් කළහොත් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇති බවද කියා සිටියේය.

මැතිවරණය සඳහා ඊයේ දිනයේ මුදල් ඉල්ලු බවත් අද දිනයේ පොහොර සඳහා මුදල් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

Related posts

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

Shiran Viraj

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

Shiran Viraj