26.1 C
Colombo
June 24, 2025
News Political

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදා අවසන් කිරීමට බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීම හෝ නොකිරීම පිලිබදව මෙතෙක් තමන් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද හෙතෙම සදහන් කලේය.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පරාජයට පත්වූයේ ආර්ථිකය පිළිබඳව සත්‍ය කතා කිරීම නිසා බවද හෙතෙම පැවසූ ඔහු එළඹෙන වසරේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ යළ තරග කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

Related posts

රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

Shiran Viraj

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Shiran Viraj

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

Shiran Viraj