26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වර

බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය බළන්ගොඩ කාශ්‍යප හිමියෝ කියා සිටිති.

මෙම පුද්ගලයා මෙරටට ඒමට පෙර ඒ පිළිබඳ තොරතුරු රහස් පොලිසියටත් අනෙකුත් අංශවලටත් දාබ ලබා දුන්නද මෙතෙක් කිසිදු පියවරක් ඒ පිළිබඳව ගෙන නැතැයි ද උන්වහන්සේ කියා සිටිති.

මෙම පුද්ගලයා ඊජිප්තුවේ සුනඛයන් බලා ගත් පුද්ගලයෙක් බවත් ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නැතුව සිටිදී අනුගාමිකයන් මුදල් යවා ලංකාවට ගෙන්වාගෙන ඇති බවද උන්වහන්සේ පවසා සිටිති.

ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායාන අදහස් ඉදිරිපත් කරමින් මෙම පුද්ගලයා බුදු දහම විකෘති කරමින් සිටින බවද පවසන මොහු මානසික රෝගයකින් පුද්ගලයෙක් බවත් එනිසා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Related posts

සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Shiran Viraj

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

Shiran Viraj