26.7 C
Colombo
July 6, 2026
NewsPolitical

IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.

මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට කොන්දක් තිබෙන බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැසී තිබෙන බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා එම නියෝජිතයන්ව හමුවී නැති බවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කර නැති බවත් මරික්කාර් මහතා හෙතෙම පැවැසීය.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරිමට සහ යෝජනා ඉදිරිපත් කිරිමට හැකි වන්නේ දැක්මක් , සෘජු ප්‍රතිපත්තියක් , සැලැස්මක් තිබෙනවානම් පමණක් බවද මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media unit

Related posts

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Shiran Viraj

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Shiran Viraj

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

Shiran Viraj