27 C
Colombo
July 27, 2025
Local NewsNews

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලමිනි.

ඒ අනුව මහින්ද ජයසිංහ, අමාලි කළුපහන යන සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Related posts

මහ පාරේ වෙඩි තබා මරයි..

Shiran Viraj

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..

Shiran Viraj

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Shiran Viraj