28.4 C
Colombo
June 9, 2025
News Political

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි ප‍්‍රමුඛතාව ඉවත් කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය යනු ආගම් ඇදහිමේ අයිතිය උපරිමයෙන්ම ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරය බවද හෙතෙම පවසයි.

‘මම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උප සභාපති තවමත්. මම මේ වගකීම දරනවා. ඒ වගේම මන් හිටපු සංස්කෘතික ඇමැති. අපි ඒ වගකීම් ගැන හොඳට දන්නවා.

පක්ෂයක් විදිහට සාකච්ඡා කරනවා මේ රටේ ආගම ඇදහීමේ අයිතිය ගැන. ඒ නිදහස උපරිමයෙන්ම ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.

අනිත් අය කරන්නේ ආගම තමන්ගේ දේශපාලනය සඳහා පටු වාසියට යොදා ගන්න එක. අපි කවදාවත් පටු වාසියට ආගම පාවිච්චි කරන්නේ නැහැ කියලා සහතිකයි’

Related posts

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Shiran Viraj