September 19, 2026
Local NewsNews

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි

තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.

රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙ.

එහිදී තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවී තිබේ.

පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදීමට කටයුතු කෙරිණි.

වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Shiran Viraj

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

Shiran Viraj