February 2, 2026
NewsPolitical

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙරට සහ විදේශයන්හි සිටින දානපතියන් දස දහස් අනූ හයකට මෙරට පාසල් පද්ධතිය බද්ධ කිරීම හරහා එම කටයුත්ත සිදු කරන බවද ඔහු පැවසීය.

රජයෙන් සිදු කරන මුල්‍ය ප්‍රතිපාදනයට අමතරව මෙම දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන එම පාසල් පද්ධතිය දියුණු කරන බවද හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුවක් කොළඹදී අමතමිනි.

Related posts

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Shiran Viraj

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj