27.8 C
Colombo
July 4, 2026
NewsPolitical

ජනතාවගේ දුක අහන්න සජිත් වෙලාවක් වෙන් කරයි..

ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

“මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැඟී සිටිමින් අගතියට, අසහනයට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය යටතේ ක්‍රියාත්මක කරනවා.

අද රටේ ඇත්තේ ජනතා ජීවත් කරන්න බැරි යුගයක්. ගොවියාට වී විකුණ ගන්න බැහැ. ඒ වගේම ජනතාවට දරා ගත හැකි මිලකට පොල්, සහල්, ලුණු ගන්න බැරිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගන්න බැරි ආණ්ඩුවක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිවුවත් ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වෙලා.

රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුණාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි”

Related posts

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Shiran Viraj

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Shiran Viraj