24.5 C
Colombo
February 21, 2026
Local NewsNewsPolitical

2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි

2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක හෙවත් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීමට යෝජනා කළ බව රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අනාවරණය කළේය. අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එවකට පැවති රජය නියෝජනය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා විසින් මෙම මුදල් ලබාදීමේ යෝජනාව තමන් වෙත රැගෙන ආ බවයි.

කෙසේ වෙතත් තමන් එම අල්ලස් යෝජනාව සෘජුවම ප්‍රතික්ෂේප කළ බව පද්මකුමාර මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම යෝජනාව තමන්ට කරන ලද බලවත් අපහාසයක් ලෙස තේරුම් ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දේශපාලන ප්‍රතිපත්ති මුදලට පාවා නොදෙන බවත්, එදා ගත් එම ස්ථාවරය අදටත් එලෙසම පවතින බවත් මන්ත්‍රීවරයාගේ අදහසයි.

Related posts

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

Shiran Viraj

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

Shiran Viraj

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…

Shiran Viraj