28.4 C
Colombo
June 9, 2025
Local News News

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවකයන් සහ දෙමාපියන් එක්ව මේ වන විට එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටී.
පසුගියදා එම පාසලේ විදුහල්පතිනියව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වීමත් ඉන් අනතුරුවද ඇයට විවිධ තාඩන පීඩන සිදු කිරීමත් ඊට හේතුවී ඇත.
එම උද්ඝෝෂණකරුවන් පවසන්නේ ඌව ප්‍රධාන ඇමතිවරයා මෙන්ම ඔහුගේ අත්තනෝමතික ක්‍රියාවන්ට මඟ පාදාදුන් අධ්‍යාපන ලේකම්වරියද අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ වන විට ඌව පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් කැරළි මර්දන ඒකකය කැඳවා ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Shiran Viraj