30.6 C
Colombo
July 13, 2026
Local NewsNews

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු 08.50 ට එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වන අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.30 ට එම දුම්රිය යළිත් කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර, නඩත්තු කටයුතු හේතුවෙන් අද සහ හෙට කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසනවා. කැළණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වලට අමතරව ඒ ආශ‍්‍රිතව ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් දුම්රිය මාර්ගය අදාළ කාලසීමාවේදී වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ලබන සඳුදා සිට එම මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බවද  අතිරේක දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj

රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…

Shiran Viraj

වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපති

Shiran Viraj