26 C
Colombo
July 29, 2025
NewsSportsSports News

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස් ජයගත් අතර එය ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගයක ලැබූ ඉහළම ලකුණු හඹා යාමයි.
එමෙන්ම බංග්ලාදේශය තුළදී කිසියම් කණ්ඩායමක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගය ජය ගත්තේ 2017 වසරේ විස්සයි විස්ස තරග 08කින් ලැබූ පරාජයෙන් පසුවයි. බංග්ලාදේශය රැස් කළ ලකුණු 193 ද සිය රටේ දී ඔවුන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ලකුණු 194ක් රැස් කර ගනමින් ශ‍්‍රී ලංකාව ඊයේ පැවති තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස දෙවන තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Shiran Viraj

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Shiran Viraj

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Shiran Viraj