27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි.
හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ නැවත යමින් සිටි පිරිසක් රැගෙන ධාවනය කරමින් තිබූ ජීප් රථයක් අද (25) දින දහවල් 11.45 ට පමණ මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල පිහිටි යුද හමුදා මුරපොළ ආසන්නයෙන්  අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්ගත් ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
අනතුර වන අවස්ථාවේ ජීප් රථයේ සිව් දෙනෙක් ගමන්කර ඇත.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම ජීප් රථය පෙරළී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

Shiran Viraj

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj