31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි ‘හිස්වැසුම්’ සොයා වැටලීම් අරඹයි

ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක වෙනු ඇති.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ යතුරු පැදි හිස්වැසුම්වල ප‍්‍රමිතිය සම්බන්යෙන් සියලූ ආයතන දැනුවත් කර ඇති බවයි.
මෙම වැටලීම් සිදු කරන්නේ කෙසේදැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාගෙන් නෙත් නිවුස් ප‍්‍රශ්ණ කළා.
එහිදී ඔහු කියා සිටියේ ප‍්‍රමිතියෙන් තොර හිස්වැසුම් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් මේවනවිට ශී‍්‍ර ලංකාව සතු බවයි.
කාන්තාවන් පදවන යතුරු පැදි සඳහා ලබා දෙන ආරක්ෂිත හිස්වැසුමේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන්ද මීට පෙර විවිධ අදහස් පළ වුණා. ඒ පිළිබඳවද තෙන් නිවුස් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ වන විට කාන්තාවන් වැඩිපුරම යතුරුපැදි මිළදී ගැනීමට පෙළඹී සිටින බැවින් කාන්තාවන් භාවිතා කරන හෙල්මට් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

Shiran Viraj

දොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..

Shiran Viraj

පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!

Shiran Viraj