February 2, 2026
Local NewsNews

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

යාන්ත්‍රික  උපකරනයක් මඟින් ගඩොල්  කපමින් සිටියදී  එහි බ්ලේඩ් තලය ගැලවී  ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05) දහවල් මරණය පත්වු බව දියතලාව පොලීසිය පවසයි .
මෙසේ මරණය ට පත්ව ඇත්තේ කේ .ආර්. ක්‍රිෂ්ටෝපර් පෙරේරා (35) නමැත්තෙකි .
ඔහු (4) දින  දියතලාව ගල්කන්ද ප්‍රද්ශයේ නිවසක පිඟන් ගඩොල් අල්ලමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය සඳහන් කළේය .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. කේ .හරිත් මහතා පරික්ෂණ විමර්ශන සිදුකරයි .


(under the courtesy of adaderana.lk news web)

Related posts

විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලා

Shiran Viraj

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි

Shiran Viraj

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

Shiran Viraj