April 2, 2026
International NewsNews

අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්

තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය සාකච්ජා ඇරඹමට පෙර අමෙරිකාවට තම “විනිවිදභාවය” පෙන්වීමේ අවස්ථාව බවයි උතුරු කොරියානු නායකයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. අමෙරිකාව මිට පෙර උතුරු කොරියාවට දැනුම් දී තිබුනේ සිය නයෂ්ටික අවි නිෂ්පාදනය අත්හැර සාකච්ජා මේසයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සිය නයෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු ලබන බලාගාරයේ වැඩකටයුතු නිල වශයෙන් අවසන් කිරීමේදී  විශේෂඥයින්ට සහ මාධ්‍යවේදීන්ටද ආරාධනා කිරීමට උතුරු කොරියානු නායකයා ආරාධනා කර සිටියා.

පසුගිය සෙනසුරාදා අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායකයා සමග සාකච්ජාවන් ඉදිරි සති 3-4 තුල පැවැත්වෙනු ඇති බවයි.

මේ අතර පසුගියදා දකුණු කොරියානු රාජ්‍ය නායකයා සමග පවතී ද්වි-පාර්ශවික සාකච්ජාවේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පවසා ඇත්තේ තමන්ට නයෂ්ටික අවි යොදා ගනිමින් අමෙරිකාවට හෝ දකුණු කොරියාවට පහර දීමට තමන්ට කිසුදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

Shiran Viraj

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

Shiran Viraj

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj