26.9 C
Colombo
July 27, 2025
International NewsNews

අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්

තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය සාකච්ජා ඇරඹමට පෙර අමෙරිකාවට තම “විනිවිදභාවය” පෙන්වීමේ අවස්ථාව බවයි උතුරු කොරියානු නායකයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. අමෙරිකාව මිට පෙර උතුරු කොරියාවට දැනුම් දී තිබුනේ සිය නයෂ්ටික අවි නිෂ්පාදනය අත්හැර සාකච්ජා මේසයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සිය නයෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු ලබන බලාගාරයේ වැඩකටයුතු නිල වශයෙන් අවසන් කිරීමේදී  විශේෂඥයින්ට සහ මාධ්‍යවේදීන්ටද ආරාධනා කිරීමට උතුරු කොරියානු නායකයා ආරාධනා කර සිටියා.

පසුගිය සෙනසුරාදා අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායකයා සමග සාකච්ජාවන් ඉදිරි සති 3-4 තුල පැවැත්වෙනු ඇති බවයි.

මේ අතර පසුගියදා දකුණු කොරියානු රාජ්‍ය නායකයා සමග පවතී ද්වි-පාර්ශවික සාකච්ජාවේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පවසා ඇත්තේ තමන්ට නයෂ්ටික අවි යොදා ගනිමින් අමෙරිකාවට හෝ දකුණු කොරියාවට පහර දීමට තමන්ට කිසුදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්

Shiran Viraj

ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj