27.8 C
Colombo
July 12, 2026
NewsSportsSports News

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති 03 වන තරගය ලකුණු 119කින් ජය ගනිමින්.
මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 05ක් දැවී ලකුණු 243ක් රැස් කළා. කොලින් මුන්රෝ පන්දු 53ක දී ලකුණු 104යි. මෙම ශතකය සමගින් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට ද කොලින් මුන්රෝ සමත් වුණා.
ඒ, විස්සයි විස්ස තරගවල දී ශතක 03ක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින්.
ලකුණු 244ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 03ක දී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් නැවත QR ක්‍රමවේදය හඳුන්වා දීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් පවසයි

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Shiran Viraj

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj