28.4 C
Colombo
May 21, 2026
NewsPolitical

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඇති සන්ධාන ගිවිසුමෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා.
ඊට අනුබද්ධ වෘත්තීය සමිති පවසන්නේ වසර කිහිපයක් පැවැති සන්ධාන ආණ්ඩුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපේක්ෂිත ප‍්‍රතිලාභ හිමිනොවූ බවයි.
සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සමිමේලනයේ ප‍්‍රධාන ලේකම් ඒ. ඒ. ඩී. ලලිත් ඉන්දික මේ බව සඳහන් කළා.
ඇතිවී තිබෙන තත්ත්වය තේරුම්ගෙන එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි එහි නායකත්වයට ඉදිරියේදී වඩා තදින් බලපෑම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර මාධ්‍ය වෙත ඊයේ (12) ප‍්‍රකාශයක් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ සන්ධාන ආණ්ඩුව තවදුරටත් පවතිනු ඇති බවයි. ආණ්ඩුවේ පැවැත්මට පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලයෙන් බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේ

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj