25.6 C
Colombo
September 19, 2026
International NewsNews

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

සුන්දර දිය සුළියක් සාගර ජලය මතින් ඔබ මොබ ගමන්ගත් ආකාරය පිළිබද පුවතක් සයිප්‍රස් රාජ්‍යයෙන් වාර්තා විය.

අහසට නැගුණු දියසුළියක සුන්දරත්වය අත්විදීමේ අවස්ථාව පසුගිය දා සයිප්‍රස් රාජ්‍යයේ වැසියන්ට හිමිවිය.

මෙම සුන්දර දසුන වාර්තා වූයේ වෙරළාශ්‍රිත නගරයක් වූ කයිරේනියා නගරයේදීය.

විදෙස් වාර්තා පවසන්නේ මෙවන් දසුනක් අතිශය දුර්ලභ වීම හේතුවෙන් එය නැරඹීම සඳහා සිය ගණනක් පිරිස් එක්ව සිටි බවයි.

සාගර දිය මතින් නැගී අහසේ වළාකුලු තෙක් දිවෙන දියසුළිය සාගර ජලය මතින් එහා මෙහා ගමන් කිරීම දැක ගැනීමට හැකිව තිබේ.

ටෝනේඩෝ තත්ත්වයක් වන මෙවන් දියසුළි කිසිදිනෙක ගොඩබිම වෙත පැමිණීම සිදු වන්නේ නොමැති අතර එය ටොනේඩෝවක් තරම් භයානක නොවන බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

Shiran Viraj