30 C
Colombo
June 15, 2026
NewsSportsSports News

එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6 කට ලකුණු 397 ක් රැස් කළද නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථානයට කඩුළු 8 කට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 247 ක් පමණයි. 

ඊයේ (18) තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නම ඉදිරියේ වාර්තා රැසක් සටහන් වුණා. ඔයින් මෝගන් හයේ පහර 17ක් එල්ල කරමින් එක්දින පිටියේ ඉණිමක රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කළා. ඔයින් මෝගන් පන්දු 57ක දී වාර්තා කළ ශතකය ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ සිව්වන වේගවත්ම ශතකයයි.

ඊයේ තරගයේ දී එංගලන්ත කණ්ඩායම එල්ල කළ සමස්ත හයේ පහර සංඛ්‍යාව 25ක්. එය සටහන් වූයේ එක්දින තරගයක දී එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.

එහිදී දඟ පන්දු යවන ක‍්‍රීඩක රෂීඞ් ඛාන්ට එරෙහිව හයේ පහර 11ක් එල්ල කළ අතර එක්දින තරගයක පන්දු යවන්නෙකුට එරෙහිව රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස එය සටහන් වුණා. රෂීඞ් ඛාන් යනු මේ වනවිට එක්දින පන්දු යවන්නන් අතර ලොව 03වන ස්ථානයේ පසුවන පන්දු යවන්නායි. 

රෂීඞ් ඛාන් යැවූ පන්දුවාර 09 දී ලකුණු 110ක් රැස් කළ අතර එය සටහන් වූයේ ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකුට එරෙහිව රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. රෂීඞ් ඛාන්ට එරෙහිව ඔයින් මෝගන් හයේ පහර 07ක් වාර්තා කළා. එය එක්දින ඉතිහාසයේ පන්දු යවන්නෙකුට එරෙහිව තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔයින් මෝගන් මේ දක්වා හයේ පහර 22ක් එල්ල කර ඇති අතර එය සැලකෙන්නේ ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි. එහි ලෝක වාර්තාව බිඳ හෙලීමට ඔහුට තවත් එල්ල කළ යුත්තේ හයේ පහර 05ක් පමණයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

Shiran Viraj

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකට

Shiran Viraj

සරුසාරයි හරි සාරයි දැන් රජයට!

Shiran Viraj