September 16, 2026
Local NewsNews

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බවය.

පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇත.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ දී ඇතුළු විය හැකිය.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

වයඹ පළාතේ තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින පුරා අහස වලාකුළු බරව පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති වේ.

Related posts

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

Shiran Viraj

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

Shiran Viraj