30.6 C
Colombo
May 26, 2026
NewsPolitical

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ගැටලුවට සම්බන්ධ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියට පත් කරන බවත් මෙතෙක් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැති බවත් හෙතෙම පැවසීය.

මෙරට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල් පැන ගිය එකක් බවත් ජාතික ජන බලවේග රජයක් විසින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

මේ අතර යාපනයේදි ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා හා දෙමළ සන්ධාන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ද ඔහු කියා සිටියේ ජාතික ප්‍රශ්නයට හා අනෙකුත් ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් ගෙන ඒම සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එකඟතාවයට පැමිණෙන බවය.

Related posts

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Shiran Viraj

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

Shiran Viraj