27.2 C
Colombo
May 29, 2026
Local NewsNews

පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..

පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි.

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කොළඹ අගරදගුරු පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නාමල් කුමාර නැමැත්තා පසුගිය දා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටු කරන ලෙසයි.

“නාමල් කුමාර, කදිනල් හිමියන්ට මෙවැනි චෝදනාවක් කිරීම ගැන මුළු කතෝලික ප්‍රජාවම හෙළා දකිනවා. නාමල් කුමාර නැමැත්තා කාගේ හෝ වුමනාවකට සැලසුම් සහගතව කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට ගන්නා උත්සාහයක් ලෙස අපි දකිනවා.

නාලක සිල්වා සහරාන් පිළිබඳ විමර්ශනය කළා ඔහුගේ සැලසුම් හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගන්න. නමුත් එය වැළැක්වීමට නාලක සිල්වා පිළිබඳ නාටකයක් හදලා ඔහුව හිරේ දාන්නේ. ඒ තුළ පාස්කු බෝම්බය පුපුරා ගියා. එය සිදුවෙන්න ඕනේ නිසා නාලක සිල්වා හිරේ දැම්මා. මේ සැලැස්මේ මූලිකයා තමයි නාමල් කුමාර. මේ පිළිබඳ බැලුවම අපිට පැහැදිලියි නාමල් කුමාර කාගේ හෝ වුවමනාවකට අලුත් නාඩගමක් නටන්න යනවා. රාජපක්ෂලගේ හෙවනැලි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ චෝදනාවෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට සිදුවූ හානිය ගැන විමර්ශනයක් කරලා සාධාරණය ඉටු කරලා දෙන්න කියලා”

Related posts

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Shiran Viraj

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

Shiran Viraj

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

Shiran Viraj