August 1, 2026
Local NewsNews

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..

සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද පිලිගත් නිසා චුදිතයන් වෙත මහෙස්ත්‍රාත්වරයා දඩ මුදල් නියම කර ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.

ශ්‍රි පාද දක්වා දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේද සහය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදු කල බවත්, එම සොදිසි මෙහෙයුම් වලදි ගංජා, මදන මෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක් මෙම සොදිසි මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන නොයෙන ලෙසයි පොලිස් අධිකාරිවරයා වන්දනාවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

Shiran Viraj

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

Shiran Viraj

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Shiran Viraj