30.6 C
Colombo
June 2, 2026
Local NewsNews

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව මහතා සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනාරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

රුපියල් බිලියන 40 කට අධික වටිනාමක යුත් මෙම ඖෂධ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කොට රජයට අයිති අලාභයක් හෝ යම් පාර්ශවයකට අයුතු ලාභයක් හෝ අත්වී ඇත්නම් වගකිව යුතු පාර්ෂවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් මෙම පැමිණිල්ල ගොනුකොට තිබූණි.

මේ අනුව මෙම පැමිණිල්ල විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති අතර ඒ සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත්කොට ඇත.

විමර්ෂණ ආරම්භ කිරීම සඳහා පැමිණිල්ලේ පළමු සාක්ෂි සටහන් කර ගැනීම සඳහා එම වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

Related posts

හමුදා පාලනයක් ගැන ඇසෙයි…

Shiran Viraj

වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…

Shiran Viraj

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj