25 C
Colombo
September 15, 2026
Local NewsNews

කොරෝනා එන්නත්කරණය පිලිවෙලක් වෙයි.. එන්නත දෙන අයට SMS එවයි..

කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙම නව ක්‍රමය අනුගමනය කරන්නේ සටිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ සඳහා බවද ඔහු පැවසීය.

එමෙන්ම එන්නතේ පළමු මාතාව ලබා දීමේදී ද ඊට සමාන ක්‍රියාවලියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

එන්නකරන වැඩපිළිවෙලට සහාය දීම විනා ඊට බාධා වන කටයුත්තක් නො කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එන්නත්කරන වැඩසටහනට සහභාගි වන අවස්ථාවන්හි ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

Related posts

බාල ගල්අඟුරු නිසා විදුලි බිල යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව රවී කරුණානායක පවසයි

Shiran Viraj

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj