27 C
Colombo
July 27, 2025
NewsPolitical

මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම අසාර්ථක බව ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාවට වැඳ ඔවුන්ගෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

කාබනික පොහොරෙ භාවිතා කර 1%ක් ගොවිතැන් කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බව ද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මේ ආකාරයට කටයුතු කිරීම මත රට සාගතයක් කරා යාම පමණක් නොව ඉතා බරපතළ කැරළිකාරී තත්ත්වයක් මෙන්ම සමාජ පිපිරුමක් ඇති වීමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

Shiran Viraj