30 C
Colombo
June 22, 2025
Local News News

මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ අමාත්‍යංශයටවක් මෙපමණ මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර නැති බවයි.

මෙම ණය මුදල එක පුද්ගලයෙකු ගත් ණය මුදලක් බව ද නමුත් එය නොගෙවූවාට දඬුවම් මෙතෙක් ලැබී නැති බවද අමාත්‍යධුර පවා ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.

‘මහජන බැංකුවෙන් කස්තුරිආරච්චි මහතාට කෝටි පන්සියයක් දුන්නා කිසිම රක්ෂණයක් නැතුව දැන් ඒක රුපියල් බිලියන 25 පැනලා. මගේ අමාත්‍යංශයට වෙන්කර මුදලටත් සමාන මුදලක්.

අන්තිමට මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් දීලා සල්ලි වලට පුරවැසිකම අරන් දුන්නා. පවුලෙ ඔක්කොටම අරන් දුන්නා අරගෙන ගියා. බොල් ණය වෙන බව දැන දැන කටයුතු කරන නිලධාරීන්ට පුරවැසිකම අරන් දීලා ඕස්ට්‍රේලියාවේ පදිංචි කළා’

Related posts

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

Shiran Viraj

ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරු

Shiran Viraj

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj